ඡන්ද අපේක්ෂකයෙකු විසින් වනජීවී නිලධාරියෙකුට පහර දෙයි

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීවරයෙකුට පහරදී ඔහුගේ රාජකාරියට බාධා එල්ල කළ මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් ව සිටින අපේක්ෂකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාදම්පේ - පනිරෙන්දාව රක්ෂිතය ආසන්නයේ ඊයේ (05) මෙම පහර දීම සිදුව ඇති අතර ඒ නීතිවිරෝධී අන්දමින් වල්ලාපට්ටා කපා දමන පිරිසක් සම්බන්ධයෙන් සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී ය.
ඔහු මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් බිංගිරිය ප්‍රාදේශීය සභාවෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙකි.
පහරකෑමට ලක් වූ නිලධාරියා මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
212 Views
Comments