නව හැවිරිදි දැරියගේ ජීවිතයේ බිලිගත් සාරි ඔන්චිල්ලාවේ මාරයා

මොනරාගල මොනරකැලේවත්ත පදිංචි නව හැවිරිදි දැරියක් පසුගිය එකොළොස් වන දා ඔන්චිලි පදිමින් සිටියදි ගෙල සිර වී මිය ගොස් ඇති බව මොනරාගල පොලිසිය පවසා සිටී.
අසල නිවසක එළු ගාලක සාරියකින් බැඳ තිබූ ඔංචිල්ලාවක් පදිමින් සිටියදී සාරියට ගෙල සිර වීමෙන් මෙම මරණය සිදුවී ඇති බව පොලීසිය පවසයි.
සෙල්ලම් කරමින් සිටි අනිත් දැරිය, ඇය කතා නොකරන බව නිවැසියන්ට පවසා ඇති අතර ඔන්චිල්ලාවේ සිරවී සිටි දැරිය මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇතැයි පොලීසිය පැවසිය .
මෙලෙස මියගොස් ඇත්තේ මොනරකැලේ පදිංචි තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.
226 Views
Comments