උසස් පෙළ උත්තර පත්‍ර බලන ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන්න යෝජනාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
06

උසස් පෙළ උත්තර පත්‍ර බලන ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන්න යෝජනාවක්

උසස් පෙළ උත්තර පත්‍ර බලන ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන්න යෝජනාවක්

උසස් පෙළ විභාග පිළිතුරු පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන්ට දෛනිකව රුපියල් තුන්දහසක දීමනාවක් ලබා දීමට අනුමැතිය ඉල්ලා අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා කැබිනට් මණ්ඩලයට අද (06 වැනිදා) පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මේ සඳහා ඇස්තමේන්තු කර තිබෙන මුදල රුපියල් කෝටි අටසියයක් පමණ වේ.

 

ගමන් ගාස්තු ඇතුලු වියදම් වැඩි වීම නිසා මෙවර ඇගයීම් කටයුතු වලට ගුරුවරුන්ගේ යොමු වීම අඩු මට්ටමක පවතින බව පෙනී යාම මෙයට හේතු වී තිබේ. ඇගයීම් කටයුතුවලට මේ දක්වා අයදුම් කර ඇත්තේ අවශ්‍යතාවෙන් තුනෙන් දෙකොටසක් පමණකි. ඔවුන්ට දෛනික දීමනාවක් ලබා දීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. ඇගයීම් කටයුතු මෙම මස 22 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය.

 

මේ අතර බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් මෙවර ඇගයීම් කටයුතු සඳහා සහභාගි නොවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙන අතර එසේ වුවහොත් ඇගයීම් කටයුතු කළ නොහැකි වන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටී. ගුරු වෘත්තීය සංගම් ද ආචාර්යවරුන්ගේ එම තීරණයට සහය පළ කිරීමට සූදානම් බව ආරංචි මාර්ග පවසයි. හෙට (07 වැනිදා) මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා විසින් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සාකච්ඡාවකට කැඳවා ඇත.

views

251 Views

Comments

arrow-up