මතට ඇබ්බැහි වූවන් මුදවා ගැනීමේ වැඩසටහනක් පිළියන්දල දී

අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමේ අපේක්ෂාවෙන් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක "සවිය" වැඩසටහනේ තවත් වැඩසටහනක් ඊයේ (12) පිළියන්දල නගර ශාලාවේ දී බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගල්කිස්ස කොට්ඨාශයට අයත් වන පිළියන්දල, කහතුඩුව, මත්තේගොඩ යන පොලිස් වසම් වලින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් දෙසීයක් සහ ඔවුන්ගේ භාරකරුවන් දෙසිය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.
මෙම පුද්ගලයන් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරය, එයට ඇබ්බැහි වූ ආකාරය, ඒ සඳහා මුදල් උපයා ගන්නා ආකාරය සහ දිනකට පානය කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඇතුළු කරුණු ගණනාවක් ඔස්සේ විවෘත සංවාදයක් ද පැවැත්විණි. තවද එම පවුල් වලට වියළි ආහාර පාසල් බෙදා දීම ද සිදු විය.
මෙම වැඩසටහනට ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බව වාර්තා වේ.
211 Views
Comments