තුර්කියේ විපතට පත් වූවන්ට සෙත් පතා පින්කමක්

හැටන් ශ්‍රී නිග්‍රෝධාරාමාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක දර්ශනපති පුජ්‍ය මහගම විමල නායක හිමියන්ගේ අනුශාසනා මත තුර්කියේ හා සිරියාවේ සිදු වූ භූමි කම්පා වලින් මියගිය 29,000 පමණ ජනතාව සිහි කරමින් එම පිරිසට පින් පැමිණවීම සඳහා ඊයේ දින සවස හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානයේදී සර්ව ආගමික වැඩසටහනක් පැවැත්වූ අතර මෙම අවස්ථාවට හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන පූජක සහජාන් මවුලවි තුමන් හැටන් ඩංබාර් හින්දු කෝවිලේ පූජක දිවාකර් පූජකතුමන්, හැටන් සිරි කුරුස දේවස්ථානයේ පූජකතුමන් ඇතුළු සර්ව ආගමික පූජකවරුන් පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී, බෞද්ධ ආගමානුකූලව මියගිය අයට පිං පතා මතක වස්ත්‍ර පූජාවක් ද සිදු කර පැන් වැඩීමක් සිදු කළ අතර අනෙකුත් ආගමික පූජකවරුන් ද එම ආගම් වලට අනුව මියගිය අයට පින් පැමිණවීමක් කළ බව වාර්තා වේ.
272 Views
Comments