මුලතිව්වලින් මතු වුණේ කොටි ත්‍රස්තවාදීන්ගේ තෙල් ටැංකියක් ද?

ඊයේ (31) සවස මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක වල දමා තිබූ ඉන්ධන බවුසර් ටැංකියක් ගොඩගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය ප්‍රකාශ කරයි.
ඉන්ධන සහිතව ඉන්ධන බවුසරයක් වල දමා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම ඉන්ධන බවුසරය ගොඩ ගෙන තිබුණි.
ඉන්ධන බවුසර ටැංකිය ගොඩ ගන්නා විටත් එය දැඩි ලෙස දිරා පත්ව තිබී ඇති අතර එහි ඉන්ධන කිසිවක් තිබේ නොමැත.
මෙම ඉන්ධන ටැංකිය යුද සමයේ දී කොටි ත්‍රස්ත සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා වල දමන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
යුද සමයේ දී වව්නියාව සහ කිලිනොච්චිය ප්‍රදේශවලද දී කොටි ත්‍රස්තවාදීන් විසින් ඉන්ධන බවුසර් නවත්වා ඒවායේ ටැංකි පිටින් ම රැගෙන යාමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වී තිබුණි.
මෙම ටැංකිය අදාල ඉන්ධන ටැංකි වලින් එකක් විය හැකි බව පරීක්ෂණ සිදු කරන පොලිස් කණ්ඩායම සැක පල කරයි.
287 Views
Comments