AUG
25
නිකවැරටියේ පාසලකට බඹර ප්‍රහාරයක්

ඊයේ(24) දහවල් නිකවැරටිය තුඹුල්ල මහා විද්‍යාලයේ පාසල් ළමුන් සහ දෙමාපියන් කිහිප දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක් වී තිබෙනවා.
පාසල අසල ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පාසල් ලමුන් තිදෙනෙක්, දෙමව්පියන් සිවුදෙනෙක් සහ ඔවුන් සමග සිටි වයස අවුරුදු තුනහමාරක කුඩා දරුවෙක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකවරටිය වනජීවි කාර්යාලය දැනුවත් කර ඇති අතර නිකවැරටිය පොලිසිය මගින් වැඩිදුර ක්‍රියාමාර්ග ගනු ඇති.
239 Views
Comments