අනියම් පෙම නතර වූ තැන, සිරුර පාළු ළිඳකින් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

අනියම් පෙම නතර වූ තැන, සිරුර පාළු ළිඳකින් හමුවේ

අනියම් පෙම නතර වූ තැන, සිරුර පාළු ළිඳකින් හමුවේ

වැලිමඩ සාප්පුකඩේ ප්‍රදේශයේ දී කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

 

තම මව අතුරුදහන් වී ඇතැයි ඇගේ දියණිය විසින් වැලිමඩ පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඒ අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

පොලීසිය විසින් ඊයෙ (24) අදාළ කාන්තාවගේ මළසිරුර ඇඳ ඇතිරිල්ලකින් ඔතා එම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ ඇති පාළු ළිඳක දමා තිබිය දී සොයාගෙන ඇත.

 

මෙලෙස මියගොස් ඇත්තේ පුරංවෙල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

 

මෙම කාන්තාව විසින් තවත් පුද්ගලයකු සමඟ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම පුද්ගලයා සමග අනියම් සබඳතාවක් පවත්වා ඇතැයි අනාවරණය වී ඇත.

 

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා සමඟ ඇතිවූ බහින් බසබස් වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇති බවයි.

 

මෙම ඝාතනය සම්බන්ධයෙන් තලවකැලේ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

 

views

311 Views

Comments

arrow-up