පොහොට්ටුවේ ආධාරකරුවන් බේරේ වැවට තල්ලු කළ කාන්තාවක් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

පොහොට්ටුවේ ආධාරකරුවන් බේරේ වැවට තල්ලු කළ කාන්තාවක් රිමාන්ඩ්

පොහොට්ටුවේ ආධාරකරුවන් බේරේ වැවට තල්ලු කළ කාන්තාවක් රිමාන්ඩ්

පසුගිය මැයි 09 වනදා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් බේරේ වැවට තල්ලූ කිරීමේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන මස 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

එම නඩුව අද (25) කැඳවූ අවස්ථාවේ දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය සිදු කර ඇත.

 

සැකකාර කාන්තාව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

 

ඒ අනුව අදාළ සැකකාරිය ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදිනට ඇයව හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇත.

views

247 Views

Comments

arrow-up