නුවර වැව රවුමේදී 16 හැවිරිදි දැරියක් රවටා ගායකයෙකුට විකිණු සංචාරක මඟ පෙන්වන්නා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

නුවර වැව රවුමේදී 16 හැවිරිදි දැරියක් රවටා ගායකයෙකුට විකිණු සංචාරක මඟ පෙන්වන්නා අත්අඩංගුවට

නුවර වැව රවුමේදී 16 හැවිරිදි දැරියක් රවටා ගායකයෙකුට විකිණු සංචාරක මඟ පෙන්වන්නා අත්අඩංගුවට

තම නිවසේ සිට වෙළෙඳසැලක් වෙත යමින් සිටි 16 හැවිරිදි දැරියක් රුපියල් 30.000ක (තිස්දාහක) මුදලකට වෙනත් පුද්ගලයෙකුට විකිණු÷ පුද්ගලයෙකු ඊයේ තලාතුඔය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයා සංචාරක මඟපෙන්වන්නෙකු වන අතර 34 හැවිරිදි වියේ පසුවන උයන්වත්ත පොල්ගොල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි. ඔහු පසුගිය 14 වනදා මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.


එම දැරිය රුපියල් තිස්දාහක මුදලකට ලබාගත් බව කියන මහනුවර මැණික්දිවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ගායකයෙකු යැයි කියන පුද්ගලයා මේ වනවිට රිමාන්ඩ් ගතකර ඇත.


ඔහුට දැරිය විකුණු÷ පුද්ගලයා පොලිස් ඇසට වැලි ගසමින් මෙපමණ දිනක් සැඟව සිට තිබුණි.

 

සංචාරක මඟ පෙන්වන්නා පොලිසියට පවසා තිබෙන්නේ මෙම දැරිය නුවර වැව රවුමේදී තමාට මුණගැසුණු බවත් ඇයට රැකියාවක් සඳහා නිවෙසක වැඩට ගෙනගොස් දුන් බවත්ය.

 

දැරිය පවසා තිබුණේ තමා වෙළෙඳසලකට යමින් සිටියදී මොහු තමා හඳුනන බව පවසා යතුරුපැදියේ නංවා ගෙන ගිය බවයි.

views

811 Views

Comments

arrow-up