වාහන ගෙන්වුවත් මිල අඩු වෙන්නෙ නෑ

රජය යම් දිනෙක වාහන ආනයනය ආරම්භ කළද මේවන විට ඉහළ ගොස් ඇති වාහන මිල අඩු නොවනු ඇති බවත් වාහන ආනයනය අත්හිටුවීම හේතුවෙන් වාහන ව්‍යාපාරකයින් දැඩි අර්බුදයකට ලක්ව සිටින බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය.
භාණ්ඩයක් හිඟ වන විට මිල වැඩි වන්නේ යැයි කියන න්‍යාය වාහනවලටද මේවන විට බලපා ඇති අතරම රුපියල අවප්‍රමාණය වීම සහ උද්ධමනය වැඩිවීම වාහන මිල අධික ලෙස ඉහළ යාමට හේතු වී ඇති බවත් වාහන ආනයන කළද මේ තත්වයෙන් ගැලවීමට බොහෝ කලක් ගතවනු ඇති බවත් ඒ මහතා පැවසීය.
වාහන ආනයනය රජය 2020 වර්ෂයේ මාර්තු මස අත්හිවුවීමේ සිට වාහන ව්‍යාපාරිකයින් බැංකු ණය සහ වෙනත් වියදම් ව්‍යාපාරවල ප්‍රාග්ධන අරමුදල්වලින් පියවමින් සිටින බව කී සම්පත් මහතා ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රයේ රැකියාවේ නිරතවූ බොහෝ පිරිසකගේ රැකියා අහිමිවී ඇති බවද කියා සිටියේය.
රටට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඉන්ධන, ගෑස් වැනි දේවල් ආනයන සඳහාද ඩොලර් නොමැති තත්වයක් තුළ වාහන ආනයනය කළ නොහැකි බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
734 Views
Comments