OCT
08
අවශ්‍ය පිරිස් සඳහා තුන්වන මාත්‍රාවක් ලබා දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානමින්

තෙවන එන්නත ක අවශ්‍යතාවක් ඇති පිරිස් සඳහා ලබා දීමට අවශ්‍ය එන්නත් තොග ඇනවුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මේ වන විට එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ලොව පළමු රටවල් පහ ඇතුළත සිටින බවත් කොවිඩ් පාලනය අතුරින්ද ලොව සාධනීය ස්ථානයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වෛරසයෙන් ජනතාව ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව වීඩියෝ පට දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
808 Views
Comments