"ජය සාගර" නාවික හමුදාවෙන් සමුගනී - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

"ජය සාගර" නාවික හමුදාවෙන් සමුගනී - (PHOTOS)

"ජය සාගර" නාවික හමුදාවෙන් සමුගනී - (PHOTOS)

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයට අනුයුක්තව සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් දශක හතරකට ආසන්න කාලයක් සමුද්‍රීය ආවේක්‍ෂණ නෞකාවක් ලෙස නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කළ "ජයසාගර" පසුගියදා නාවික හමුදා සේවයෙන් ගමුගත්තේය.

 

නාවික හමුදා සේවයට සමුදෙන "ජයසාගර’ නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීම උත්සවය  නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තඨාකංගනයේදී සිදුකෙරිණි.

 

කොළඹ නැව් තඨාකංගනයේ දී නිෂ්පාදනය කරන ලද මෙම නෞකාව රියර් අද්මිරාල් ඒ.එච්ඒ ද සිල්වා මහතා එවකට නාවික හමුදාධිපති ලෙස කටයුතු කළ වකාවනුවේදී ශ්‍රී ලංකා නාවික නාවික නෞකා "ජයසාගර" පී ( 601) ලෙස 1983 දෙසැම්බර් 09 වන දින අධිකාරියට පත්කරන ලද බව නාවික හමුදාව පවසයි.

 

එහි පළමු අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ඒ.අයි ජයවර්ධන කටයුතු කරන ලද අතර එය 1990 දශකයේ අග භාගය දක්වා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමූහයේ ධජ නෞකාව ලෙසද කටයුතු කරන ලදි.

 

ජයසාගර’ නෞකාව එල්.ටී.ටි.ඊ ත්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමීමේ මානුෂීය මෙහෙයුම සඳහා ද සුවිශේෂී දායකත්වයක් ලබා දුන් බව නාවික හමුදාව සඳහන් කරයි.

 

 

 

 

 

 

 

 

views

1037 Views

Comments

arrow-up