යාපනයේ සිදුවීමට මහජන ආරක්ෂක ඇමති වාර්තාවක් කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

යාපනයේ සිදුවීමට මහජන ආරක්ෂක ඇමති වාර්තාවක් කැඳවයි

යාපනයේ සිදුවීමට මහජන ආරක්ෂක ඇමති වාර්තාවක් කැඳවයි

දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් ලෙස හඳුන්වා ගත් පිරිසක් යාපනයේදී දී පසුගියදා පහර දී තිබුණි.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා වාර්තාවක් කැඳවා තිබේ.

 

එම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

 

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ යාපනය වඩමච්චි නැගෙනහිර මර්ධන් කර්නි ප්‍රදේශයේ දී පසුගිය සිකුරාදා ජනතාව හමුවෙමින් සිටින අවස්ථාවකදී ය.

 

පොලිස් විමර්ශන ඒකකයේ සාමාජිකයින් ලෙස හඳුන්වා ගත් පිරිසක් එම ස්ථානයට පැමිණ තමන්ට තර්ජනය කර පහර දුන් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

views

169 Views

Comments

arrow-up