ඩෙල්ෆ්ට් යද්දී බෝට්ටුවේ බඳ දෙකට කැඩෙයි - ජීවිත 112ක් බේරී ඇත්තේ අනූනවයෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
07

ඩෙල්ෆ්ට් යද්දී බෝට්ටුවේ බඳ දෙකට කැඩෙයි - ජීවිත 112ක් බේරී ඇත්තේ අනූනවයෙන්

ඩෙල්ෆ්ට් යද්දී බෝට්ටුවේ බඳ දෙකට කැඩෙයි - ජීවිත 112ක් බේරී ඇත්තේ අනූනවයෙන්

යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියෙන් ඩෙල්ෆ්ට් දූපත බලා මගීන් 112ක් රැගෙන ගිය යාත්‍රාවක් මුහුද මැදදී අනතුරකට ලක්වීමෙන් පසු දැඩි ජීවිත අවදානමකට ලක්ව සිටි මගීන් හා බෝට්ටුවේ කාර්ය මණ්ඩලය වෙනත් බෝට්ටුවක ආධාරයෙන් නාවික හමුදාව සහ එම බෝට්ටුවේ කාර්ය මණ්ඩලය විසින් පසුගිය 05 වනදා බේරාගෙන තිබේ.

 

ඩෙල්ෆ්ට් සමුපකාර සමිතියට අයත් සමුද්‍රදේවී නම් යාත්‍රාව මගීන් රැගෙන ගිය අවස්ථාවේදී කුණාටුවකට හසුවීමෙන් බෝට්ටුවේ බඳ හරි මැදින් කැඩී ගොස් ඇත.

 

එම අවස්ථාවේදී බෝට්ටුව මුහුද මැද කරකැවීමට පටන්ගෙන ඇති අතර මගීන් විළාප තබමින් කෑකෝ ගසන්නට පටන්ගෙන ඇත. 

 

බෝට්ටුවේ සේවකයින් වහා මේ බව යාපනයේ කුරීකඩ්ඩුවාන් ජැටියට දැනුම් දීමෙන් අනතුරුව නාවික හමුදාව සහ තවත් බෝට්ටුවක පිරිසක් ගොස් අනතුරට ලක්ව සිටි පිරිස බේරාගෙන තිබේ. 

 

ඉන් පසුව අනතුරට පත් බෝට්ටුවද ඇදගෙන ආපසු කුරීකඩ්ඩුවාන් ජැටියට පැමිණ ඇත.

views

1314 Views

Comments

arrow-up