රෝසිට වාහනයක් කුලියට ගන්න මාසෙකට ලක්‍ෂ පහක්... - යෝජනාව සම්මතයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
31

රෝසිට වාහනයක් කුලියට ගන්න මාසෙකට ලක්‍ෂ පහක්... - යෝජනාව සම්මතයි

රෝසිට වාහනයක් කුලියට ගන්න මාසෙකට ලක්‍ෂ පහක්... - යෝජනාව සම්මතයි

කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියට වාහනයක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මාසිකව වෙන්කිරීමට නගර සභාව විසින් අනුමැතිය ලබා දී ඇත.

 

ඇය මෙතෙක් භාවිතා කළ නිල රථය අලු‍ත්වැඩියාවක් සඳහා යොමු කර තිබෙන නිසා මෙලෙස වෙනත් වාහනයක් කුලියට ගැනීමට සිදුවන බව අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් නගරාධිපතිනිය පැවසුවාය.

 

විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පල කරමින් පෙන්වා දුන්නේ වියදම් අවම කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන අවස්ථාවක මෙවන් අධික මිල ගණන් වලට වාහන කුලියට ගැනීම අනුමත කළ නොහැකි බවයි.

 

තමාද එම විරෝධය පිළි ගන්නා බවත් අකමැත්තෙන් වුවත් විකල්පයක් නොමැති හෙයින් එසේ කිරීමට සිදුව ඇති බවත් රෝසි සේනානායක මහත්මිය ඊට පිළිතුරු දෙමින් පැවසුවාය.

views

748 Views

Comments

arrow-up