DEC
24
ඉන්ධන මිල යළි වැඩි කරන්න යයි

ඉන්ධන මිල නැවත වතාවක් වැඩි කිරීමට කටයුතු කරන බව තමන් වගකීමෙන් පවසන්නේ යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
ජනවාරි 4 වැනිදා වන විට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවීම මත එම මිළ වැඩි කිරීම තවදුරටත් ඉක්මන් වනු ඇතැයිද ඒ මහතා පැවසීය.
දැනට ද මෙරට ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ඩොලර් පහළොවකින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහල බැස තිබියදී බව ද ඒ මහතා පෙන්වා දේ.
787 Views
Comments