රාගමදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

ඊයේ (15) උදෑසන රාගම දුම්රිය ස්ථානය අසලදී කොළඹ කොටුව සිට මහනුවර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.
දුම්රිය ගේට්ටුව වසා තිබියදී පාපැදියක් තල්ලු කරමින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කිරීම අනතුරට හේතු වී ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මේ වන තෙක් තහවුරු වී නොමැත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන ලා කහ පැහැති කමිසයකින් හා කොට කලිසමකින් සැරසී සිටි අයෙකි.
මෘතශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
255 Views
Comments