නොසැලිකිලිමත් රිය ධාවනය තවත් ජීවිතයක් බිලි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

නොසැලිකිලිමත් රිය ධාවනය තවත් ජීවිතයක් බිලි ගනී

නොසැලිකිලිමත් රිය ධාවනය තවත් ජීවිතයක් බිලි ගනී

අද (22) දිනයේ සිය දියණිය යතුරුපැදියකින් පාසල වෙත ගෙනයමින් සිටි ගුරුවරයෙක් රිය අනතුරකින් මිය ගියේය.

 

 

වැල්ලම්පිටිය පොලිසිය පැවසුවේ අද උදෑසන කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී ඔහුගේ යතුරුපැදිය නොසැලකිලිමත් ලෙස ධාවනය කළ බස් රථයකට යටවී ඇති බවය.

 

 

අනතුරින් හත් හැවිරිදි දියණියද බරපතළ තුවාල ලබා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළු කර ඇත.

 

 

මිය ගිය ගුරුවරයා මෙගොඩ කොලොන්නාව සිට කුප්පියාවත්ත දෙසට සිය දියණිය පාසලට ඇරලවීමට යතුරුපැ⁣දියෙන් ගොස් ඇත.

 

 

යතුරුපැ⁣දිය යන දිශාවටම ධාවනය වූ බස් රථය කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී එක්වරම වමට හරවා ධාවනය කිරීම නිසාවෙන් යතුරුපැදිය එහි ඇමිණී මීටර් පනහක් පමණ ඉදිරියට ඇදීගොස් යතුරුපැදිකරු බස් රථය දෙසට ඇදවැටී එම බස් රථයටම යටවී මියගොස් තිබුණි.

 

 

මෙලෙස මියගොස් ඇත්තේ ආමර් රැස්ති නැමැති 36 හැවිරිදි මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගුරැවරයෙකි.

 

 

අනතුරින් පසු කෝපයට පත් ප්‍රදේශවාසීන් විසින් පුද්ගලික බස් රථයට ගල්ගසා පහරදී දැඩි අලාභහානි සිදුකර ඇත.

 

 

පොලිසිය පැවසුවේ ප්‍රදේශවාසීන්ගේ පහරකෑමට ලක්වූ බස් රථ රියදුරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

 

 

views

255 Views

Comments

arrow-up