වාහන ආනයනය සඳහා ඉඩ ලබා දෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

වාහන ආනයනය සඳහා ඉඩ ලබා දෙන්න

වාහන ආනයනය සඳහා ඉඩ ලබා දෙන්න

වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් වාහන ආනයනය සඳහා අවශ්‍ය ඉඩ සලසන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

 

 

මේ සම්බන්ධව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා අදහස් දක්වන ලදී.

 

 

කෙසේ වෙතත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ , 78% කින් අධිප්‍රමාණය වූ ඩොලරය 20% කින් පමණක් අවප්‍රමාණය වී ඇති තත්ත්වයක් තුළ රථවාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේ යෝජනාව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවයි.

 

 

 

"ජනාධිපතිතුමා ජපානයේ ගිය වෙලාවේ අපේ අපනයනකරුවන් හමුවෙලා කියලා තිබ්බා.තව ටික කාලයකට වාහන ගේන්න අමාරුයි කියලා. තව විසඳන්න ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා කියලා. මේ ක්ෂේත්‍රයේ දැනුම තිබෙන්නේ අපිට. අපිට පුළුවන් මේක කරන්න" යැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති අදහස් දැක්වූයේය.

 

 

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, "ඩොලර් යන්නේ නැතුව ජපානයෙන් අපිට ණය අරගෙන කරන්න පුළුවන්. අලුත් වාහනයකින් 70%ක් අඩුවෙන් ගෙන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ලංකාවේ දැන් තිබෙන VITZ කාර් එකක් ජපානයෙන් අපිට ගන්න පුළුවන් 2017 එකක් ලක්ෂ 10ක් 12කට විතර. ඒ වගේ වාහනයක් අපිට මෙහෙ සාධාරණ මිලකට දෙන්න පුළුවන්” ලෙසයි.

 

views

250 Views

Comments

arrow-up