ඉන්ධන තොග අක්‍රමවත් ලෙස බෙදා හරී

ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාවෙන් මෙරට ඉන්ධන අර්බුදය උග්‍රව පැවැති සමයේ ඉන්ධන තොග අක්‍රමවත් අයුරින් බෙදාහැරීම පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.
තෙල් සංස්ථාව විසින් එම සමයේ පෙට්‍රෝලියම් නිෂ්පාදන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දීපව්‍යාප්ත බෙදාහැරීම් ප්‍රමුඛතා ලැයිස්තු දිනපතා ලබා දෙනු ලැබීය.
2022 වසරේ ජුනි 07 වැනිදා සහ 18 වැනිදා අතර කාලයේ තෙල් සංස්ථාව ලියාපදිංචි අලෙවිකරුවන් 1,143 දෙනෙකුගෙන් 120 දෙනෙකුටම 2022 වසරේ ජුනි 07 වැනිදා සහ 18 වැනිදා අතර කාලයේ කිසිදු පෙට්‍රල් තොගයක් ලබාදී නොමැති බව මෙම විගණන වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම සමයේදී අලෙවි නියෝජිතයින් 08 දෙනෙකුට එක් අයෙකුට ලීටර් 210,000කට වඩා පෙට්‍රල් තොග ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
මෙම සමයේ ලංකා ඔටෝ ඩීසල් තොග අලෙවි නියෝජිතයින් 73 දෙනෙකුට බෙදාහැරීමක් සිදුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම වාර්තාවේ සඳහන් වන්නේ එක් අයකුට ලංකා ඔටෝ ඩීසල් ලීටර් 200,000කට වඩා ප්‍රමාණය බැගින් අලෙවි නියෝජිතයින් 17 දෙනෙකුට තොග ලබා දී තිබූ බවයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිටින සේවකයින් 2,296 දෙනා අතුරින් සේවකයන් 998 දෙනෙකුගේ අතිකාල දීමනා ඔවුන්ගේ මූලික වැටුපෙන් 50% ඉක්මවා තිබීම එම වාර්තාවේ අවධානයට ලක් කර තිබේ.
තෙල් සංස්ථා සේවකයින් 391 දෙනකුගේ හෙවත් සමස්ත සේවකයින්ගෙන් 17% කගේ අතිකාල ඔවුන්ගේ මූලික වැටුපෙන් 100% ඉක්මවා ඉහළ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණ කරයි.
249 Views
Comments