මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි

සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14ක් දක්වා අඩු කිරීමටයි තීරණය කර ඇත.
ඊයේ දින රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්ධමනය අඩුවීම මෙම තීරණය ගැනීමට හේතුව බවයි.
මේ වසරේ මෙරට සමස්ථ විදෙස් සංචිත ප්‍රමාණය මැයි මාසය අවසන් වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
එයට හේතුව ලෙස විදෙස් ප්‍රේෂණ ලැබීම ඉහළ යාම සහ සංචාරක ඉපයීම ඉහළ යාම සඳහන් වේ.
මේ වසරේ මෙරටට ලැබී ඇති සංචාරක ඉපැයීම් ප්‍රමාණය ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා වු කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 591ක් වේ.
පසුගිය අප්‍රේල් මාසයේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේශණ ද සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව පසුගිය අප්‍රේල් මාසය තුළ මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 454කි.
2022 වර්ෂයේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සංචාරක පැමිණීමේ ඉහළයාමක් පෙන්නුම් කරන අතර පසුගිය මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසය තුළ සංචාරක පැමිණීම යම් පහළ මට්ටමක පවතින බව වාර්තා වේ.
260 Views
Comments