ජනපතිවරයාගේ පාස්කු දින පණිවුඩය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

ජනපතිවරයාගේ පාස්කු දින පණිවුඩය

ජනපතිවරයාගේ පාස්කු දින පණිවුඩය

ක්‍රිස්තුස් වහන්සේගේ මරණයෙන් උට්ඨානය වීම සිහිපත් කෙරෙන පාස්කු දිනය බලාපොරොත්තුව, විමුක්තිය තුළින් අන්ධකාරය සහ අපේක්ෂාභංගත්වය තුරන් කිරීමේ පණිවුඩය මෙනෙහි කිරීමට සැමට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

 

සිත් තුළ ඇති අඳුර දුරු කර බලාපොරොත්තුව ගෙන දෙමින් ජීවිත පරිවර්තනයකට කැඳවන ක්‍රිස්තූන් වහන්සේගේ බලය ලොවට ප්‍රකාශ කරන දිනයක් ලෙස ඔහු සිය පාස්කු දින පණිවුඩයේ සඳහන් කර සිටියේය.

 

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව ඉතා හොඳින් දන්නා බවත්, ඊට අදාල නීතිමය කටයුතු දැනටමත් සිදු කෙරෙමින් පවතින බවත්, වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කර සිටී.

views

234 Views

Comments

arrow-up