මහනුවර කෝටිපති කතගේ ඝාතනයට ළඟම ඥාතියෙක් අත්අඩංගුවට

මහනුවර, වැව රවුමේ රතු බෝක්කුව හන්දිය අසල තනිව සුවිසල් නිවසක පදිංචිව සිටි 64 හැවිරිදි කාන්තාවක ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම කාන්තාවගේ ළඟම ඥාතියෙකු සහ පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එලෙස සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 52 සහ 62 වයස්වල පසුවන කඩවත සහ දෙල්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව පවසන පොලිසිය එම කාන්තාව ඝාතනය කිරීමට යොදාගත් පිහිය සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ දෙල්ගොඩ නිවස පිටුපස කැලෑවට විසි කර තිබියදී සොයාගත් බව කියයි.
මෙම කාන්තාව ඇයගේ නිවස තුළදී පසුගිය 14 වැනි දින දහවල් 2 ට පමණ ගෙල කපා සාහසික ලෙස ඝාතනය කොට තිබූ අතර අංශ කීහිපයක් ඔස්සේ පොලිස් විමර්ශන සිදුවෙමින් පවතිද්දී මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ජී. එස්. බණ්ඩාර මහතාට ලද තොරතුරකට අනුව මීට අදාළ සැකකරුවන් දෙල්ගොඩ සහ කඩවත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවරට රැගෙන ඒමට නියමිතව තිබූ අතර සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේපොළ නිසි ලෙස දරුවන් අතර බෙදී නොයාම හේතුවෙන් ඇති වූ වෛරය හේතුවෙන් කාන්තාව ඝාතනය කළ බව එහි ප්‍රධාන සැකකරු පොලිසියට පවසා තිබේ .
කාන්තාව ඝාතනය කිරීම සඳහා ඔහුම පැමිණ ඇති බවද පොලිසිය කියයි.
435 Views
Comments