තරුණයෙකුගේ ජංගම දුරකථනය හා රන්මාලය කොල්ල කෑ පොලිසියේ 04ක් අත්අඩංගුවට

කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයෙකුගේ රන් මාලයක් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධියට මාලබේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවටගත් බව කොට්ටාව පොලීසිය කියයි.
සැකකාර පොලිස් නිලධාරීන් අතර සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව පොලීසිය කියයි.
කොස්තාපල්වරුන් තිදෙනාගෙන් එක් අයෙකු පොලිස් විශේෂ කාර්යාංශයේ මාලබේ පොලිසීයට අනුයුක්ත අයෙක් බවත් නිලධාරියකු පැවැසීය.
කොල්ලකෑමට ඔවුන් යොදාගත් ත්‍රීරෝද රථය, කොල්ලකන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලීසිය සොයාගෙන ඇත.
354 Views
Comments