“බෙහෙත්, ගෑස්, නොලැබුණොත් රෝහල් වහන්න වෙයි” - වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

“බෙහෙත්, ගෑස්, නොලැබුණොත් රෝහල් වහන්න වෙයි” - වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

“බෙහෙත්, ගෑස්, නොලැබුණොත් රෝහල් වහන්න වෙයි” - වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

“වෛද්‍යවරුන් ඇතුළු සේවක මණ්ඩලයට ඉන්ධන පහසුකම්, ගෑස් පහසුකම්, අත්‍යවශ්‍ය ඖෂධ නොසැපයුවහොත් සියලූ රජයේ රෝහල් තව සතියකින් පමණ වසා දැමීමේ තත්ත්වයකට පත්වේවි” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

 

රෝහල්වල පවතින මෙම ප්‍රායෝගික ගැටලූවලට රජය විසඳුම් ලබා නොදෙමින් නිද්‍රාශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.

 

තවදුරටත් කතා අදහස් දැක්වූ වෛද්‍යය රුක්‍ෂාන් බෙල්ලන මහතා මෙසේ ද කීවේය. 


“තව සතියක් යද්දී ලංකාවේ සියලූ රජයේ රෝහල් වැහෙන තත්ත්වයට පත්වේවි. වෛද්‍යවරුන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට රාජකාරියට වාහනවලින් එන්න ඉන්ධන ගැටලූවකුත් මතුවෙලා.

රෝහල්වල ප්‍රතිකාර ගන්න රෝගීන්ට, සේවකයන්ට කෑම ටික උයන්න ගෑස් ප්‍රශ්නයක් ඉදිරියේදී මතුවෙන්න පුළුවන්. රෝගීන්ට දෙන්න ඖෂධ නැහැ. මේ ගැටලූ රජයේ බලධාරීන්ට පේන්නේ නැහැ.

මේ තත්ත්වය උඩු දුවනකල්ද බලාගෙන ඉන්නේ? මේක උඩු දිව්වොත් සමස්ත රෝහල් පද්ධතියම වහන්න වේවි.

රජය රෝහල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළාට වැඩක් නැහැ. වෛද්‍යවරුන්ට, සේවකයින්ට, වාහනවලින් වැඩට එන්න තියෙන වාහනවලට ඉන්ධන නැත්නම්. කොහොමද සේවයට එන්නේ?

views

676 Views

Comments

arrow-up