මහා වංචාවක් - එක්දින ලයිසන් නිකුත් කිරීම නවතයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර හා හම්බන්තොට කාර්යාලවල සිදුව ඇති මහා පරිමාණ ජාවාරමක් හේතුවෙන් එක්දින සේවා මගින් නව රියැදුරු බලපත් නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය (21 වැනිදා) අත්හිටුවනු ලැබීය.
මේ අනුව රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ප්‍රධාන කාර්යාලය වන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේත්, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලවලත් නැවත දන්වන තුරු එක්දින සේවය යටතේ නව රියැදුරු බලපත්‍ර නිකුත් නොකරන ලෙසට ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත පසුගිය (21 වැනිදා) උපදෙස් දී තිබේ.
1131 Views
Comments