නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රකාශයක්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද අවධාරණය කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකු පද්ධතියට කිසිදු බලපෑමක් නොවන බවයි.
ඒ මහතා මෙම අදහස් පළකළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
"අද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම වැදගත් කරුණක්. බැංකු පද්ධතියේ ස්ථාවරත්වය සහ ඔබ සියලුදෙනාගේ තැන්පතුවල සුරක්ෂිතභාවය මෙන්ම බැංකු පද්ධතියේ ඇති සියලුම මහජන තැන්පතුවලට මෙයින් කිසිදු බලපෑමක් සිදු වන්නේ නැහැ. මට ඒ පිළිබඳව ඔබට සහතික විය හැකියි."
282 Views
Comments