වෛද්‍ය රසායනාගාරයක් තුළ වෙඩිතැබීමක්

අද (21) පෙරවරුවේ කොට්ටාව නගරයට ආසන්නයේ පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුළදී වෙඩිතැබීමක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් රසායනාගාරයේ සේවකයෙකුට වෙඩිතබා ඇති බවයි.
CCTV කැමරාවක වෙඩිතැබීමට වෙඩික්කරුවන් පැමිණ එම පුද්ගලයාට වෙඩිතබන අයුරු සටහන්ව තිබුණි.
අනතුරුව ඔවුන් දෙදෙනා පළාගොස් ඇති බව සඳහන් වේ.
අවට සිටි පිරිස් තුවාලකරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී තුවාලකරු මියගොස් ඇති අතර ඔහු 34 හැවිරිදි මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි මිහිරාන් ප්‍රභාත් නම් අයෙකි.
පොලීසිය පැවසුවේ ඔහු වෛද්‍ය රසායනාගාරයේ සාම්පල ප්‍රවාහනය කරන සේවකයෙක් බවයි.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන් වේ.
සිද්ධියේ විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.
245 Views
Comments