ජාත්‍යන්තර යෝගී දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක්

ජාත්‍යන්තර යෝග දිනය අද යෙදී තිබුණි.
මේ නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන ලදී.
මෙම වැඩසටහන්වලින් නිරෝගිමත් දිවි පැවැත්මක් උදෙසා යෝග ව්‍යායාම්වල නිරතවීමේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
ශ්‍රී ලංකා යෝග සම්මේලනයේ සභාපති ධර්මපාල විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල වැලිපාක් හිදී ජාත්‍යන්තර යෝග දින සැමරුම් උත්සවය පැවැත්වුණි.
සභාපතිවරයා කියාසිටියේ ශ්‍රී ලංකාව තුළ යෝග දර්ශනය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන පැවැත්වෙන බවයි.
ඒ මහතා පෙන්වා දුන්නේ මෙමගින් නිරෝගිමත් පරපුරක් බිහි කිරීමට හැකියාව ලැබෙන බවයි.
මෙම අවස්ථාවට දිවයිනේ යෝග ගුරුවරුන්, වෛද්‍ය වෘත්තිකයින්, පාසල් දරුවන් ,රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් යන පිරිස එක්ව සිටින ලදී.
217 Views
Comments