ද්‍රව ස්වභාවික වායු අවශ්‍යතාව සපුරාලිය හැකි කෙටිකාලීන ව්‍යාපෘතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
21

ද්‍රව ස්වභාවික වායු අවශ්‍යතාව සපුරාලිය හැකි කෙටිකාලීන ව්‍යාපෘතියක්

ද්‍රව ස්වභාවික වායු අවශ්‍යතාව සපුරාලිය හැකි කෙටිකාලීන ව්‍යාපෘතියක්

ඉන්දීය පෙට්රොනෙට් එල්.එන්.ජී සමාගම විසින් විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු අවශ්‍යතාව සපුරාලිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් ඉදිරිපත් කර තිබෙනවා.

 

 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සැලසුම පිළිබද සාකච්ඡාවක් පැවැත්වුණි.

 

 

මෙහිදී අවධාරණය කරන ලද්දේ දැනට ඇති විදුලි ඉල්ලුම සපුරා ගැනීම සදහා ඉදිරි මාස 24 දී මෙගාවොට් 600ක් එල්.එන්.ජී බලාගාරවලින් මිලදී ගැනීමට සිදුව ඇති බවයි.

 

 

මෙවැනි සැළසුම් ක්‍රියාත්මක කිරීම තුළින් එම පිරිවැය අවම කරගත හැකි බව හෙළි කරන ලදී.

 

 

මෙම සාකච්ඡාවට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද සහභාගි වන ලදී.

 

 

මෙරට බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා ලබාදෙන සහාය වෙනුවෙන් අමාත්‍යවරයා ඉන්දීය මහ කොමසාරිස්වරයාට ස්තූතිය පළකරන ලදී.

 

 

views

216 Views

Comments

arrow-up