හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 64 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අර්තාපල් ගෙන්වන මුවාවෙන් අදාළ හෙරොයින් තොගය මෙරටට ගෙන්වා ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 16 යි ග්‍රෑම් 193 ක් වන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසුවේය.
අදාළ හෙරොයින් තොගය අඩංගු කන්ටේනරය රැගත් නෞකාව පැමිණ ඇත්තේ පකිස්තානයේ කරච්චි නුවර සිට පැමිණ ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය පාලන අංශයට භාර දෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
270 Views
Comments