JUN
06
ඖෂධ මිල අඩු කිරීමට අනුමැතිය

විවිධ ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ. ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස පහත වැටීම මෙම තීරණයට හේතු වී ඇත.
සංශෝධිත මිල ගණන් ජූනි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර සෑම මාස තුනකට වරක් ඖෂධ මිල පිළිබඳ නිරන්තර සමාලෝචනයක් සිදු කෙරේ. සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අවශ්‍ය අනුමැතිය ලැබී ඇත.
323 Views
Comments