වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළට

පාසල් ළමුන් සඳහා දැනට ක්‍රියාත්මක කරන 7% ක වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව 30% ක් දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පෙන්වා දෙයි.
සිසු සැරිය බස්රථවල ආදායම එම බස් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමටවත් ප්‍රමාණවත් නොවන බැවින් පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට සිදුව ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පෙන්වා දෙයි.
කෙසේවෙතත් මහජනාධාර ලබන ඉතා දිළිඳු පවුල්වල දරුවන්ට කිසිඳු අය කිරීමකින් තොරව නොමිලේ වාර ප්‍රවෙශ පත්‍ර ලබාදීමටද ක්‍රියා කරමින් සිටින බව ඇමැතිවරයා සඳහන් කළේය.
"පාසල් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍රවල වටිනාකමෙන් 93% ක් රජය විසින් දරමින් මේ දක්වා කටයුතු කර තිබෙනවා. නමුත් පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ආණ්ඩුවේ දායකත්වය 70%ක් දක්වා අඩු කරන්නට සිදුව තිබෙනවා. අපි විශ්වාස කරනවා තම දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍රයට 30%ක වියදමක් ඒ දරුවන්ගේ දෙමාපියන්ට දරන්න පුළුවන් කියලා’’ යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
249 Views
Comments