ජපානයට යවන බව කියා සිදුකළ ජාවාරම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

ජපානයට යවන බව කියා සිදුකළ ජාවාරම

ජපානයට යවන බව කියා සිදුකළ ජාවාරම

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



සැකකරු ජපානයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 8 ක මුදලක් අයකර පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට මෙම ජාවාරමට ගොදුරු වූ අයෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කර තිබුණි. අදාල පැමිණිල්ල විභාග කිරීම සදහා සැකකරු කාර්යාංශය වෙත කැඳවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.



අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර, ඔහුගේ බිරිඳ විසින් කාර්යාංශයේ බලපත්‍රලත් රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් තිබේ. එම රැකියා නියෝජිත ආයතනයේ නම භාවිතා කරමින් මෙම ජාවාරම මෙහෙයවා ඇත.



ජපානයේ රැකියා ලබාදීම සඳහා සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් විවිධ ප්‍රමාණවලින් මුදල් අය කර තිබේ. සැකකරු මෙලෙස රු.2,743,000.00 ක මුදලක් ලබාගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, මොහුට එරෙහිව පැමිණිලි 9 ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.


 

views

344 Views

Comments

arrow-up