ගුවන් යානයෙන් සොරකම් කළ මැණික් ගල්

මැණික් ගල් 14 ක් ඉතා සූක්ෂ්ම ලෙස සොරාගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගමන් මලු පැටවීම හා බෑම් කටයුතුවල නිරත මෑන් පවර් සමාගමක සේවකයන් දෙදෙනෙක් කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය පෙරේදා (12) අත්අඩංගුවට ගන්නා ලදී.
එම මැණික් ගල් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පසුගිය අප්‍රේල් 26 වෙනිදා ගුවන්ගත වූ ගුවන් යානයේ රැගෙන යාමට නියමිතව තිබුණි.
සිඩ්නි නුවර බලා පියාසර කිරීමට නියමිතව තිබුණු යූ. එල්. 606 දරන ගුවන් යානයට එහි රැගෙන යාමට නියමිත භාණ්ඩ පටවමින් තිබිය දී මෙම සොරකම සිදුකර ඇත්තේ ගුවන් යානය තුළදීය.
168 Views
Comments