කුඹල්වෙලදී ගෙවල් තුනකුත් කඩාගෙන පෙරලී ගිය බවුසරය

බදුල්ල ප්‍රදේශය වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හල්පේ, කුඹල්වෙල ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
බවුසරයේ රියදුරුට එය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ නිවාස තුනක සහ හෝටලයක ගැටී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.
මෙම අනතුරින් නිවසක් ඉදිරිපිට සිටි කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඇය දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල පළාත්බද මහ රෝහල වෙත මාරුකර යවා ඇති බව වාර්තා වේ.
321 Views
Comments