ඩුබායි සිටින කොස් මල්ලිගේ ගෝලයෙක් හෙරොයින් සමග කවුඩානේදී අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස් මල්ලි නැමැත්තා විසින් ඩුබායි සිට මෙහෙයවන හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු, අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ හෙරොයින් ග්‍රෑම් 100 මිලි ග්‍රෑම් 280 ක් සමග කවුඩාන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
"බඩෝවිට රඝු" නමින් හඳුන්වන මෙම සැකකරු මොරටුව, දෙහිවල, පිළියන්දල, පානදුර සහ කවුඩාන යන ප්‍රදේශ වල හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදු කර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කර සිටී.
217 Views
Comments