රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කිරීමට එරෙහිව පෙත්සමක්

රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අන්තර්ගත ලේඛනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, අදාල විත්තිකරුට ප්‍රදානය කරන ලද ජනාධිපති සමාව බල රහිත කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ය.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත් වූ බව වාර්තා වේ.
244 Views
Comments