අවුරුදු උත්සව සංවිධානය කරන අයට කෙරෙන විශේෂ නිවේදනයයි

අවුරුදු උත්සව සංවිධානය කරන පුද්ගලයින් හෝ ආයතන ඒ සම්බන්ධයෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු බව පොලීසිය පවසා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසා ඇත්තේ එලෙස පොලීසියෙන් අවසර ලබාගැනීමෙන්, මතුවිය හැකි ගැටළු රැසක් මගහරවා ගත හැකි බවයි.
තවද අවුරුදු උත්සව හෝ සංගීත සංදර්ශන වැනි කටයුතු සංවිධානය කරන සංවිධායකයින් ඊට සහභාගි වන පුද්ගලයින්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමකින් කටයුතු කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
352 Views
Comments