විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් පිරිනැමෙන තීරුබදු සහනය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් පිරිනැමෙන තීරුබදු සහනය ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් පිරිනැමෙන තීරුබදු සහනය ඉහළට

විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

 

මේ අනුව තමන් එවන ලද මුදල් ප්‍රමාණය මත අතිරේක තීරුබදු සහන ලබා ගැනීමට හැකියාව පවතින බව අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළ අතර කාණ්ඩ 5 ක් යටතේ මෙම සහනය ක්‍රියාත්මක වේ.

 

ඩොලර් 2400 - 4799 ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 600 ක අතිරේක තීරුබදු සහනයක් ද, ඩොලර් 4800 -7199 ත් අතර ඩොලර් 960 ක් ද, ඩොලර් 7200 - 11999 ත් අතර ඩොලර් 1440 ක් ද, ඩොලර් 12000 - 23999 ත් අතර ඩොලර් 2400 ක අතිරේක තීරුබදු සහනයක් මෙන්ම, ඩොලර් 24000 ක් හෝ ඊට වැඩි මුදලක් ඒවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 4800 ක අතිරේක තීරුබදු සහනයක් ලබා දීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

තවද වසරක කාලයක් තුළ දී අදාල මුදල් එවා ඇති ඕනෑම අයෙකුට මෙම සහනය ලබා ගැනීමේ අවස්ථාව විවෘතව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

189 Views

Comments

arrow-up