මැයි 09 සිද්ධිය සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාට වට කර පහරදෙන ලකුණු

පසුගිය වසරේ මැයි මාසයේ 09 වැනිදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් නිකුත් කළ කමිටු වාර්තාව මගින්, එම සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සඳහන් කරමින්, ඔහු තවදුරටත් හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කොට තිබේ.
මෙම සිද්ධිමාලාව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද කරන්නාගොඩ කමිටු වාර්තාව මගින් ශවේන්ද්‍ර සිල්වා මහතා චෝදනා රැසක් සඳහා වරදකරු බවට නිගමනය කොට ඇති අතර, එහෙයින් මැයි 09 වන දින ප්‍රචණ්ඩකාරී සිදුවීම් අතරතුර සිය ධුරයේ වගකීම ඔහු නිසියාකාරව ඉටු කොට නැති බවට ඔප්පු වී ඇතැයි ද සඳහන් කරන පොදුජන පෙරමුණේ ප්‍රකාශකයා, නුදුරේදීම ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා ගත යුතු ක්‍රියාමාර්ග ගැන නිගමනයකට ඒමට ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදුජන පෙරමුණ කටයුතු කරන බවද වැඩිදුරටත් කියා සිටී.
261 Views
Comments