රටම බලා සිටි සුභ ආරංචිය පැමිණේ - විශේෂ නිවේදනය

මෙරටට අවශ්‍ය විස්තීරණ ජාත්‍යන්තර ණය මුදලට අදාල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුවේ අනුමැතිය ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.
එහි පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන හතක් දක්වා අරමුදල් ලබා ගැනීමට මෙම අනුමැතිය හරහා අවස්ථාව ලබා දී තිබෙන බව වාර්තා වේ.
මේ ඉලක්කය ළඟා කර ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන ලද දායකත්වය සහ සහයෝගය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළකර තිබෙන බව වාර්තා වේ.
260 Views
Comments