උතුරේදී ඇල්ලූ ධීවරයින් මුදා ගන්න ඉන්දියාවෙන් වෑයමක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

උතුරේදී ඇල්ලූ ධීවරයින් මුදා ගන්න ඉන්දියාවෙන් වෑයමක්

උතුරේදී ඇල්ලූ ධීවරයින් මුදා ගන්න ඉන්දියාවෙන් වෑයමක්

පසුගිය සෙනසුරාදා අනලයිතිව් ආසන්නයේදී, කෝට්ටයිපට්ටිනම් සහ නාගනාගපට්ටනම් ප්‍රදේශ වලදී ඉන්දීය ධීවර බෝට්ටු දෙකක් සහ ධීවරයන් 16 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන ඇති බව වාර්තා වී තිබේ.

 

මෙම ධීවරයෝ නාවික හමුදාව භාරයට ගන්නා අවස්ථාවේදී අනලයිතිව් සිට නාවික සැතපුම් තිහක් එපිටින් මසුන් අල්ලමින් සිටි බව වාර්තා වන අතර, එම රැඳවියන් කඩිනමින් ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීම සිදු කරන ලෙස තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂයේ සභාපති කේ. අන්නාමලෙයි එරට විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

views

240 Views

Comments

arrow-up