ඖෂධ ගැටළුව රැගෙන වෛද්‍ය වෘත්තීය සමිති මානව හිමිකම් කොමිසමට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

ඖෂධ ගැටළුව රැගෙන වෛද්‍ය වෘත්තීය සමිති මානව හිමිකම් කොමිසමට යයි

ඖෂධ ගැටළුව රැගෙන වෛද්‍ය වෘත්තීය සමිති මානව හිමිකම් කොමිසමට යයි

අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, මිල ඉහළ යාම සහ ශල්‍යකර්ම සීමා වීම හේතුවෙන් ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව, සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වරයා අනිද්දා දිනයේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවමින් සිතාසි නිකුත් කර තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු බලධාරීන් මෙම පැමිණිල්ලට අදාළව මීට පෙරද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණ ද එදින ඔවුන් ඊට සහභාගි වී නැති බැවින් යළිත් මෙම නිලධාරීන් මානව හිමිකම් කොමිසම වෙත අනිද්දා කැඳවමින් සිතාසි නිකුත් කර ඇත.

 

එදිනට නියමිත වේලාවේදී කමිෂන් සභාව හමුවේ පෙනී සිටීම අනිවාර්ය බවත්, විමර්ශනයට සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු දීම මෙන්ම අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බවත් එම සිතාසි වල සඳහන් වේ.

views

189 Views

Comments

arrow-up