පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ වීර ක්‍රියාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
13

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ වීර ක්‍රියාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරගේ වීර ක්‍රියාව

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අනතුරක් සිදුකර පලා යමින් සිටි සිසුවකු අල්ලා පොලිසියට භාරදීමට කටයුතු කර තිබූ බව වාර්තා වේ.

 

බණ්ඩාරගම රයිගම පදික මාරුව අසලදී යතුරුපැදිකරුවෙකු අනතුරට ලක් කර සුඛෝපභෝගී මෝටර් රථයකින් පලා යමින් සිටි ජාත්‍යන්තර පාසලක සිසුවෙක් මන්ත්‍රීවරයා විසින් මෙලෙස බණ්ඩාරගම පොලීසියට බාර දී ඇත.

 

මෙම සැකකාර සිසුවා පරීක්ෂාවට ලක් කිරීමේදී, ඔහු මත්පැන් පානය කර සිටි බව අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

 

අනතුර සිදුවූ අවස්ථාවේ මෝටර් රථය නොනවත්වා ධාවනය කර තිබෙන අතර, මන්ත්‍රීවරයා මේ බව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දී, මෝටර් රථය ලුහුබැඳ ගොස් පොකුණුවිට අතුරු මාර්ගයකදී අල්ලා ගෙන පොලිසියට භාර දීමට කටයුතු කර ඇත.

 

අනතුරෙන් තුවාල ලද පුද්ගලයා බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සැකකාර සිසුවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

views

251 Views

Comments

arrow-up