කුවේට් රට රැකියාවකට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකට වසර හතරක් තිස්සේ වධ දීලා

වසර හතරකට ආසන්න කාලයක සිට කුවේට් රාජ්‍යයේ නිවසක සේවයේ නියුතුව සිටි කාන්තාවක් අමානුෂික අන්දමින් ශාරීරික හිංසනයට ලක් කර පහර දීමේ පුවතක් වාර්තා වේ.
එම නිවසේ හිමිකරුවන් වන කාන්තාවක් සහ ඇයගේ පුතුන් දෙදෙනා විසින් මෙම කාන්තාවගේ ශරීරයට සහ හිසට එල්ල කරන ලද පහරදීම් වලින් බරපතල තුවාල සහ තැලීම් සිදු වී ඇති බවත්, ඇයගේ කටට ගිනි අවිය තබා මෙම පහරදීම සම්බන්ධයෙන් කිසිදු අයුරකින් පොලිසියට පැවසීම තහනම් බවටත් තර්ජනය කර තිබේ.
පසුව ඇයව කුවේට් හි පිහිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ ඥාතීන් සිටින නිවසක් අසලට ගෙන ගොස් දමා ඇති අතර, ඇයගේ ලාංකික හිතවතුන් එක්ව ඇයව රෝහල් ගත කර ඇත.
මේ සම්බන්ධයෙන් කුවේට් පොලිසිය ද දැනුවත් කර ඇති බව වාර්තා වේ.
255 Views
Comments