ගීතයක අයිතිය ගැන ලංකාවේ නීති අලුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

ගීතයක අයිතිය ගැන ලංකාවේ නීති අලුත් කෙරේ

ගීතයක අයිතිය ගැන ලංකාවේ නීති අලුත් කෙරේ

ගීතයක පද රචකයාට සහ සංගීතඥයාට සමානව, ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීම සඳහා පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

 

අද (27) වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන, ගීතයේ පද රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන පාර්ශ්වයන්ට සමානව අයිතිය ලබාදීම පිළිබඳව මෙන්ම, ගායන ශිල්පියාට ගීතයේ නෛතික අයිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු සාකච්ඡා කිරීම සඳහා වන හමුවක් පවත්වා ඇති අතර එහිදී මේ පිළිබඳ සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.


එසේම, ‍You Tube හා අනෙකුත් සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව කතෘ හිමිකම (Copyright) සම්බන්ධයෙන් වන ගැටළු වලට ද, නීතිමය වශයෙන් ප්‍රතිපාදන හා නව රෙගුලාසි ඇති කිරීමට පවතින අවස්ථාවන් පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ. 
 

views

381 Views

Comments

arrow-up