වෘත්තීය සමිති එකමුතුව බදු ගැන IMF සමග කළ කතාබහේ දී අනාවරණය වූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

වෘත්තීය සමිති එකමුතුව බදු ගැන IMF සමග කළ කතාබහේ දී අනාවරණය වූ දේ

වෘත්තීය සමිති එකමුතුව බදු ගැන IMF සමග කළ කතාබහේ දී අනාවරණය වූ දේ

බදු සංශෝධන සම්බන්ධයෙන්, වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වන ලද මාර්ගගත සාකච්ඡාවේදී හුවමාරු කර ගන්නා ලද අදහස් මාධ්‍ය වෙත අනාවරණය කොට තිබේ.

 

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් සංජීව මහතා සඳහන් කරන්නේ රට තුළ ක්‍රියාත්මක වන බදු ප්‍රතිපත්තියේ කරන නිශ්චිත වෙනස්කම් සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම පවතින්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවට බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එහිදී කියා සිටි බවයි.

 

එසේම, සමස්ත බදු ආදායමට හානියක් නොවන ලෙස ඕනෑම ආකාරයක බදු සංශෝධනයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවට මූල්‍ය අරමුදල ප්‍රකාශ කළ බව ද කියා සිටින ඒ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට දමමින් රජය ගෙන යන වංචනික වැඩපිළිවෙල දැඩි ලෙස විවේචනය කළ අතර, තම සංගමය විසින් බදු සහන සම්බන්ධයෙන් රජය වෙත ඉදිරිපත් කර තිබෙන යෝජනා මාලාව සමග ඉදිරියට යාමේ ගැටලුවක් නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද ස්ථාවරය වන බව හෙළි කොට සිටියේය.

 

කරුණු මෙසේ හෙයින්, රජය තවදුරටත් විසඳුමක් ලබා දීමට මැදිහත් නොවන්නේ නම්, ඕනෑම මොහොතක දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට එළඹීමට නොපැකිලෙන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 

views

283 Views

Comments

arrow-up