මල් කැපීමට කිතුල් ගසකට නැග්ග අයෙක් ගස මුදුනේදීම මරු දකී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

මල් කැපීමට කිතුල් ගසකට නැග්ග අයෙක් ගස මුදුනේදීම මරු දකී

මල් කැපීමට කිතුල් ගසකට නැග්ග අයෙක් ගස මුදුනේදීම මරු දකී

පිටිගල, කරුවලතොට, පොරගම ප්‍රදේශයේ කිතුල් මල් කැපීම සඳහා කිතුල් ගසට නැග සිටියදී පුද්ගලයෙකු මියගොස් ඇති බව පිටිගල පොලිසිය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ පිටිගල, පොරගම ප්‍රදේශයේ පදිංචි රණසිංහ වීරක්කොඩි සිරිසුමන නමැති 63 හැවිරිදි පුද්ගලයෙක් වේ.

 

ප්‍රදේශවාසීන් විසින් පිටිගල පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෘත ශරීරය කිතුල් ගසෙන් බිමට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි. කිතුල් ගහට නැග සිටින අවස්ථාවේ ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බව පොලිසිය සැක පළ කරයි. මිය ගිය තැනැත්තාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට ඇල්පිටිය රෝහලට රැගෙන ගිය අතර පිටිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

459 Views

Comments

arrow-up